June 18, 2024

මහරාජා ෆුඩ්ස් ප්‍රොඩක්ට්ස් දශක තුනක දේශීය ආහාර අපනයනයේ සිය සන්නාමයන් ඉහළින්ම රදවා ගැනීමට සමත්වී ඇත – lankabusinessnews.com

දශක තුනක සාඩම්බර ගමන් මගක් සනිටුවහන් කරනු ලබන මහරාජා ෆුඩ්ස් ව්‍යාපාරය අද වන විට යාපනයේ දේශීය ආහාර සංස්කෘතියේ රසයන් ලෝකය පුරා බෙදා හරිමින් පවතින ව්‍යාපාරයක් බවට පත්වී ඇත. තවමලර් ගුගනාදන් සාර්ථක ව්‍යවසායකයිකාවක වශයෙන් මෙම ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා නායකත්වය ලබා දෙමින් ගුණාත්මක මෙන්ම විශ්වාසනීය දේශීය ආහාර නිෂ්පාදන අපනයනයේ ගෝලීය තරගකරුවකු ලෙස අද වන විට කීර්තිමත් සන්නාමයක් ලෙස මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පත් කර ඇත.

මහරාජා ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් පරිණාමය වූයේ ‘ලංකා ස්ටෝර්ස්’ වෙතින් වන අතර එය ආරම්භ කරන ලද්දේ 1958 වර්ෂයේ දී දූරදර්ශී දිවංගත සිවසරමන් ගුගනාදන් මහතා විසිනි. උසස් තත්ත්වයේ නිෂ්පාදන සාධාරණ මිලකට ලබා දීමෙන් වෙළදපොළේ ඉහළ කීර්තියක් ව්‍යාපාරයට හිමිකර ගැනීමට හැකි වූ අතර, 1979 දී Leoris & Sons සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගනිමින් විවිධ කාලපරිච්ඡේදයන් හී මුහුණපෑමට සිදු වූ අභියෝග හරහා ගමන් කරමින් ජයග්‍රාහී යුගයක ආරම්භය මහරාජා ෆුඩ් ව්‍යාපාරය සනිටුහන් කළේය.

1986 වර්ෂයේ දී දුෂ්කරතා මධ්‍යයේ වුවද, ගුගනාදන් පවුලේ නොසැලෙන ශුභවාදී බලාපොරොත්තුව ලෙසින් විජය එන්ටර්ප්‍රයිස් ආරම්භය විය. මෙම ව්‍යාපාරය උසස් තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය ලබා දීම සහ දේශීය ගොවීන් සවිබල ගැන්වීම තුලින් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කරවීමේ හැකියාව සහ ඒ සදහා වූ කැපවීම සංකේතවත් කරනු ලබයි. මීට අමතරව, සමාගම විජය එන්ටර්ප්‍රයිසස් යටතේ සිය ප්‍රථම අපනයනය ආරම්භ කළේ විදේශගත විදේශිකයන්ගේ වාර්ගික ඉල්ලීම් සපුරාලීම සඳහා ය.

1995 දී, මහාරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් දේශීය ව්‍යාපාරයක් ලෙසින් පැවති මෙය ගෝලීය වශයෙන් බෙදාහැරීම් සිදු කරන ආයතනයක් දක්වා දියුණු මට්ටමට ගෙන ඒමේ අරමුණින් අපනයන සැලසුම් නිර්මාණය කර තිබේ. එහි දී කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට අපනයන කටයුතු සිදු කිරීම එම සැලසුම් හි අන්තර් ගත වී ඇත. එමෙන්ම වත්තල ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් එහි සිට වෙළද ව්‍යාපාර කටයුතු මෙහයවමින් 1990 වර්ෂයේ දී සාර්ථක ලෙස පළමු දේශීය අපනයන සිදු කිරීමේ හැකියාව ඔවුනට ලැබී ඇත.

දිවංගත ගුගනාදන් අභාවයෙන් පසුව , තවමලර් ගුගනාදන් 2016 වර්ෂයේ සිට මහරාජා ෆුඩ්ස් ව්‍යාපාරය සදහා නායකත්වය ලබා දී ඇත. සාර්ථක කාන්තා ව්‍යවසායිකාවක් ලෙස ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නවෝත්පාදනයන් සදහා කැපවී ක්‍රියා කරනු ලබන ඇය සිය උපන් ප්‍රදේශය වූ යාපනය ප්‍රදේශයේ ගොවීන්ගේ දිවිය ශක්තිමත් කරමින්, යාපනය ප්‍රදේශයේ ගොවිබිම්වලින් ලබා ගන්නා ගුණාත්මක අමුද්‍රව්‍ය  මෙම නිෂ්පාදන සදහා යොදා ගනු ලබයි.

සමාගමේ නායකත්ව මණ්ඩලයට නව අත්දැකීම් සම්භාරයක් සහ විශේෂඥ දැනුමක් එක් කරමින් වර්තමාන අධ්‍යක්ෂක මඩුල්ල සදහා ඉම්රාන් ෆුර්කාන් සහ මෙලංග දූල්වල අධ්‍යක්ෂවරුන් ලෙස පත්කිරීම සිදු කර තිබේ. මෙහිදී ඉම්රාන් ෆුර්කාන්ගේ නායකත්වය උපාය මාර්ග සහ අවදානම් කළමනාකරණය පිළිබඳ වූ දැනුමත්, මෙලංග දූල්වලගේ මූල්‍ය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුළුල් පළපුරුද්ද සමඟින්, අනාගත වර්ධනය සහ සාර්ථකත්වය සඳහා මහරාජා ෆූඩ්ස් හි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරයි. මීට අමතරව, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන සභාපති විජයානාන්ත් ගුගනාදන් සහ කළමනාකාර අධ්‍යක්ෂ විජයනාත් ගුගනාදන් නිෂ්පාදන, සැපයුම්, විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ උපාය මාර්ග සැකසීමේ ඔවුන්ගේ පුළුල් අත්දැකීම් සමඟින් සමාගමේ වර්ධනයට නායකත්වය ලබා දෙනු ලබයි.

සමාගමේ ගමන් මග ගැන ආවර්ජනය කරමින් තවමලර් ගුගනාදන් ප්‍රකාශ කළේ, “අපගේ උරුමය කල්පවත්නා වටිනාකම් සහ විශිෂ්ටත්වය හඹා යාම සඳහා සාක්ෂියකි. අපි අභියෝග ජයගෙන, අව්‍යාජ හවුල්කාරිත්වයන් සහ පරම්පරා ගණනාවක් සඳහා විශ්වාසදායක ගුණාත්මක භාවය ලබා දීමට කැපවී සිටිමු.”

තත්ත්වයෙන් උසස් කුළුබඩු නිෂ්පාදනයන් අපනයන කරනු ලබන මහරාජා ෆුඩ්ස් නිෂ්පාදන අතර, සහල් පිටි වර්ග, කුළුබඩු සහ මසාලා, ධාන්‍ය වර්ග සහ මෙනේරි, තෙල් වර්ග, තේ සහ කෝපි සහ විවිධ සිල්ලර භාණ්ඩ ලෙස හදුන්වා දෙනු ලබයි. මේ සියල්ලක් නිෂ්පාදනය සිදු කරනු ලබනුයේ යාපනයේ දේශීය ගොවීන්ගෙන් ලබා ගන්නා නැවුම් අමුද්‍රව්‍යයන්ගෙන් වීම මෙම නිෂ්පාදනයන්ගේ සුවිශේෂීත්වය වර්ධනය කිරීමේ හේතුවක් වී ඇත.

නැසීගිය දූරදර්ශී ව්‍යවසායකයෙකු වන සිවසරමන් ගුගනාදන් විසින් 1995 දී ආරම්භ කරන ලද මහරාජා ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ්, උසස් තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට සහ ලොව පුරා පාරිභෝගිකයින්ට විශ්වාසනීය ගුණාත්මක බවින් යුත් ආහාර සැපයීමේ විශේෂඥතාව ඇති ආහාර කර්මාන්තයේ ප්‍රමුඛතම කැපීපෙනෙන තරගකරුවෙකි. නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වය සඳහා කැපවීමෙන්, මහාරාජා ෆුඩ්ස් එක වරකට එක සූපශාස්ත්‍ර නිර්මාණයක් ලෙස ආහාර කර්මාන්තයේ අනාගතය හැඩගස්වා ගනී.

 

Source : https://sinhala.lankabusinessnews.com/